සිහිනයකදි අවදි වීම හෙවත් lucid dreaming 🔮👾

මුලින්ම සිහින වල අවදි වීම කියන එක දේ පහදා ගමු. සාමාන්‍යයෙන් මනුස්සයෙක් දිනකට 6h වත් නිදා ගන්නවා එකේදිත් සිහින එකක් හෝ එකකට වඩා දකිනවා. එකෙනුත් සමහර අයට මාසෙකට එකක් දෙකක් වගේ තමන්ට සිහිනයක පාලයනය එනවා ඒත් ඉක්මනට ඒ සිහිනය කැඩෙනවා . සමහර හින අත්භූතයි හා අපූරුයි. ඒ දකින සිහින වලදී 99% අපි මේ දකින්නේ හීනයක් කියලා අපිට දැනගන්න හම්බෙන්නේ නෑ එක්කෝ බය වෙලා නැගිටිනවා හෝ බාහිර හේතුවක් නිසා නැගිටේනවා.

සිහිනයක් දකින එක්තරා මොහොතකදී දකින්නේ සිහිනයක්ම කියලා දැනගන්න අවස්ථාවක් හම්බෙනවා. එතකොට තමන් මෙච්චර වෙලා රූකඩයක් වගේ හිටිපු එක හෝ film එකක් වගේ දැකපු මේ සිහිනය ඕන ඕන විදියට පාලයන කරන්න පුළුවන් අවස්ථාවක් හම්බෙනවා

දැන් බලමු මේ සිහිනයක අවදි වෙන්න කොහොමද කියලා... ඒ දේට ඉස්සෙල්ලා වෙනස් කරන්න ඕන සහ අවශ්‍ය දේවල් ටිකක් මගේ පෞද්ගලික අත්දැකීම් වලින් සහ අනිත් අයගේ අත්දැකීම් ගන්න පුළුවන් දේවල් කොටස් වශයෙන් ගැඹුරින් බලමු

  1. ආකල්පයම සිරවීම

    මෙකෙදි වෙන්නේ සිහිනයෙන් අවදි උනාම තමන්ට සමහර දේවල් කරගන්න ගියාම වෙන්නේ නැති ස්වාභාවයක් තියනවා උදාහරණයක් විදියට ගත්තොත් කළුවර බය නම් එකපාරම කළු දෙයක් පෙනිලා සිහිනය කැඩෙනවා. ඒ කියන්නේ ආකල්පය සිරවීම තිබ්බාම ඒ අවස්ථාවල ඒවා ඉස්මතු වෙලා සිහිනය නැති වෙනවා...

  2. පුහුණුවීම්

    පුහුණුවීම් සරල දේවල් වගේ පෙනුනාට අන්තිම output එකෙන් පැහැදිලි වෙනසක් වෙනවා. මේ පුහුණුවීම් කියන දෙත් කොටස් වශයෙන් බෙදන්න පුළුවන්.

    (i). චින්තනමය පුහුණුවීම

    මෙකෙදි වෙන්නේ තමන් අධිෂ්ඨානයක් ගන්නවා තමන් සිහිනය දකින අවස්ථාවේදී අවදි වෙලා පාලනය ගන්නවා කියල එක. ඒ කියන්නේ දැඩි ආශාව තියෙන්න ඕනේ

    (ii). මනසට කා වැද්දීම

    මෙකෙත් විවිධ කොටස් තියනවා ආශාව කියන දේත් එක්තරා කොටසක් තමා. ඒත් මේ මනසට කා වද්දන්න පුළුවන් නම් අපිට ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්. ප්‍රධාන ලෙස අපි දෛනිකව කරන හැම දෙයක්ම කරන්නේ සිහිනයකද නැත්නම් යථාර්ථයකද කියලා. අනිත් දේ නම් භාවනාව. මේක තමා වැදගත්ම කොටස මෙකෙදි කරන්නේ මේ වර්තමාන මොහොතේ තියෙන දේ ඒ විදියටම අත්විඳීම. මේක ඕන ඉරියව්වකින් කරන්න පුළුවන් හැබයි නිශ්චල වෙන්න ඕනේ. තමන් ඇස් දෙකෙන් ඕනම දෙයක් දකින කොට ඇත්තටම මේක ඇත්තක්ද කියල සහ එක ද්‍රව්‍ය තමන්ට උඩ යවන්න පොඩී කරන්න පුළුවන් ද බලන්න අල්ලන්නේ නැතුව මේ වගේ හිත හිත මනසින් ම වෙහෙසෙන්න ඕනේ වට කිහිපයක්. අවමයෙන් විනාඩි 15 ක් වත් කරන්න ඕනේ දවසට. තව භයානක භාවනා තිබ්බත් ඒවා වලින් ඉක්මනට කරගන්න පුළුවන් උනත් ඒවා තනියම කරන්න ගියාම තමන්ට යම් යම් දේවල් වෙන්න පුළුවන් ඒ නිසා මේ වගේ සරලව පටන් ගන්න.

  3. සිහින ලිවීම

    මේක තමා වැදගත් ම කිව්වොත් හරි වගේ හැබයි කරන්න ගියාම අමාරු වගේ පේනවා. මේකට වෙනම පොතක් තියා ගන්න ඕනේ. තමන් සිහිනයක් දකින කොට ඒ සිහිනයෙන් ඇරුනාම දැක්ක දේ වාක්‍ය කිහිපයකින් ලියා ගන්න ඕනේ පොතක. එක්කෝ එක වචනයක් වෙන්න පුළුවන් වැදගත්ම ඒ තමා දැක්ක දේ මතක් කරන්න දරන *උත්සාහය.

ප්‍රධාන වශයෙන් මේ තුන තමා වැදගත්. මේකෙන් සිහිනයේ පාලනය ආවම එකේ පැවැත්මේ කාලය වැඩි කරන්න පුළුවන්. ටික කාලේකට පස්සේ තමාගේ අත්දැකීම් වලින් තමන්ට ආවේණික දේවල් ටිකක් ගොඩනගා ගන්න පුළුවන්. ආශාව නැතුව නම් කරන්න අමාරුයි නොකඩවා මං පෙන්නලා දුන්න ටික කරගෙන ගියොත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්

ආශාවක් එන්න කියලා පෞද්ගලික අත්දැකීම් සහ අනිත් අයට අත්දකින්න වෙච්ච දේවල් කිහිපයක් ගැන බලමු.

• මේක මට වෙච්ච දෙයක්. හරියට වෙච්ච කාලය වැදගත් නෑ ඒ උනාට ඒ දවස් වල මං කළු කුහර සහ ග්‍රහලෝක ගැන හරිම කුතුහලයෙන් හොයන්න ගත්තු කාලයක්. දවසක් හීනයක් දකින කොට මන් එකෙන් අවදි වෙලා මට පළවෙනියට හිතුවේ ඉර ගැන ඒත් එක්කම මං අහස බලන කොට එන්න එන්න ඉර ලඟට එනවා වගේ දැක්ක ඊට පස්සේ මං නතර කරලා කළු කුහර ගැන හිතුවා. ඒත් එක්කම මං විසිවෙලා ගියා කළු කුහරයක් ලඟට මං එන්න එන්න එක ලඟටම ගියා එතනින් පස්සේ ගොඩක් අමුතු, අපූර්ව දේවල් ටිකක් උනා. මං නැගිටලා මතක් කරලා ලියා ගත්තා උන දේවල් ගැන . මොකද ඒ ලියා ගන්න මතක් කරන උත්සාහය නිසාම තමයි දකින සිහින මතක හිටින්නෙ.

• සමහර අයට පුළුවන් වෙලා තියනවා තමන්ට අවශ්‍ය වීදියට දේවල් මවන්න, පා කරන්න. ඒ වගේම තමන්ට අතිතේ වෙච්ච ඕනම අවස්ථාවකට යන්න පුළුවන් වගේ සහ අනාගතයේ වෙන්න තියෙන දේවල් තමන්ට හිතලාම දකින්න පුළුවන් වෙච්ච අවස්ථාත් තියනවා . තව අමුතු දේවල් කරන්න පුළුවන් පුහුණුවෙන් එක්තරා මට්ටමකට ගියාම.

තව අමුතු සහ පුදුම හිතෙන දේවල් කරන්න පුළුවන් තමන්ගේ පුහුණුව මත ඒවා ගැන කතා කරලා වැඩක් නෑ තමන්ටම අත්දැකීමක් එනකන්.

*** වැදගත් ම දේ තමන්ගේ නොකඩවා පුහුණුව ***

✍️ - Ishan Oshada -