පස්වන පරිච්ඡේදය: අභ්‍යන්තර විවරණය සහ තීරණාත්මක හෝරාව
පර්යේෂණාගාරයේ වීදුරු බිත්ති අතරින් මුහුදු රළ කඩා වැදෙද්දීත්, ආර්යන් පලා ගියේ නැත. ඔහු තම පාලක අසුන මත නිසලව අසුන්ගෙන සිටියේය. බාහිරින් කිසිවෙකු ඔහුව බේරා ගැනීමට නොපැමිණෙන බව ඔහු දැන සිටියේය. සැබවින්ම, මෙය ඔහුගේම විඥානයේ පළමු ස්තරය බැවින්, බාහිරින් පැමිණිය හැක්කේ ඔහුව අවදි කරන 'කම්පනයක්' (The Kick) පමණි.
ජලය ඔහුගේ දෙපා අසලින් ගලා යද්දී, ඔහු මෙතෙක් සිදුවූ සියල්ල මෙනෙහි කරන්නට විය. Part 1 සිට 4 දක්වා වූ සෑම දත්තයක්ම ඔහුගේ මනස ඉදිරිපිට ඩිජිටල් සේයාවන් මෙන් මැවී පෙනුණි.
"පිරිසිදු ආදරය කා ගාවද තියෙන්නෙ?" ඔහු තමාගෙන්ම අසා ගත්තේය.
ඔහු ඇලීෂා දෙස බැලුවේය. ඇය ආදරය සොයන්නේ තමන්ගේ වේදනාව මකා ගැනීමටය. ඇගේ ආදරය හුදෙක් දුක්බර මීදුමක් පමනි; එය තමන්ට ලැබෙන සැනසීම නිරූපණය කරන දර්පණයකි. ඉන්පසු ඔහු සෙනාලි දෙස බැලුවේය. ඇගේ බුද්ධිමත් මනස පවා ආදරය සොයන්නේ තම සමාජ ප්‍රතිරූපය (Status) තහවුරු කර ගැනීමටය. ඇගේ ආදරය හුදෙක් දුෂ්කර රැවටීමක් පමනි; එය බාහිර රූපයට වහල් වූ වෙස්මුහුණකි.
"මේ කිසිවක් සැබෑ නැහැ," ඔහු දත්මිටි කාගෙන මුමුණා ගත්තේය. "මේ හැමෝම ආදරය කරන්නේ මට නෙවෙයි. ඔවුන් ආදරය කරන්නේ ඔවුන්ට ලැබෙන වාසියට විතරයි. මේක මහා දුර්වල මායාවක්."
පර්යේෂණාගාරයේ යන්ත්‍ර දෙදරා යද්දී, ආර්යන් තීරණය කළේය; මේ පරීක්ෂණය තවදුරටත් තාක්ෂණය හෝ නූතන තර්කනය මත පදනම්ව කළ නොහැකි බව. ඔහුට අවශ්‍ය වූයේ මිනිස් විඥානයේ ප්‍රාථමික මූලයන් (Primal Roots) වෙත ගමන් කිරීමටයි. සියලුම වෙස්මුහුණු සහ දර්පණ ඉවත් කළ හැකි, අතිශය සරල සහ අකාලික (Timeless) අවකාශයක් ඔහුට අවශ්‍ය විය.
"මට මීට වඩා ගැඹුරට යන්න වෙනවා," ආර්යන් තම පාලක පුවරුවේ ඇති අවසාන විධානයන් ඇතුළත් කළේය. "නූතන ලෝකයේ මතකයන් නැති, ශිෂ්ටාචාරයේ මුල්ම දෝංකාරයන් ඇසෙන තැනකට."
ඔහු තම මනසින් නව පරිසරයක් ප්‍රතිනිර්මාණය කිරීමට පටන් ගත්තේය. පර්යේෂණාගාරයේ තිබූ නිල් පැහැති ආලෝකය ක්‍රමයෙන් මැකී ගොස්, ඒ වෙනුවට දැවෙන හිරු රශ්මියක තඹ පැහැය මුළු අවකාශයම වෙළා ගත්තේය. ඔහු මවාගත් ඒ අලුත් ලෝකය අතිශය පැරණිය. වැලි සහ ගල්වලින් නිම වූ පටු මාවත්, මැටියෙන් තැනූ කුඩා නිවාස සහ පාළු කඳු පන්ති... එහි කිසිදු යන්ත්‍රයක් හෝ විදුලි ආලෝකයක් නොවීය.
එය අතිශය දුෂ්කර පරිසරයකි. වාතය තුළ දුහුවිලි සහ තෙල් පහන්වලින් නැගෙන කළු දුම් වලාවන් මිශ්‍ර වී තිබුණි. මිනිසුන් ගොරෝසු වස්ත්‍ර හැඳ, නිශ්චලව ජීවත් වූ ඒ කාල පරිච්ඡේදය ඔහු තෝරා ගත්තේ නූතන මනසට පවතින සියලුම 'බාහිර ආවරණ' ගලවා ඉවත් කිරීමටය.
"මෙතැනදී තර්කනයට ඉඩක් නැහැ," ඔහු පර්යේෂණාගාරයේ ගිලෙමින් තිබූ තම අවසාන විඥාන කොටසින් සිතුවේය. "මෙතැනදී ක්‍රියා කරන්නේ විශ්වාසය සහ කැපවීම විතරයි. මම ඔවුන්ව මේ දුෂ්කර භූමියට රැගෙන යනවා."
මුහුදු ජලය දැන් ඔහුගේ නිකට දක්වා ඉහළට පැමිණ ඇත. යන්ත්‍ර සූත්‍ර සියල්ල කෙටි පරිපථ (Short circuits) වී අක්‍රිය වෙමින් තිබුණි. ආර්යන් තම අවසාන ප්‍රාණ ශක්තිය මෙහෙයවා, පර්යේෂණාගාරයේ තිබූ තම මුළු විඥානයම ඒ අතීත පරිසරය වෙත මුදා හැරියේය.
ඔහු තම දෑස් තදින් පියා ගත්තේය. ඔහුට දැන් තම සිරුරේ බර දැනෙන්නේ නැත. පර්යේෂණාගාරයේ ඒ සීතල බව මැකී ගොස්, වියළි වැලිවලින් නැගෙන රස්නය ඔහුගේ සමට දැනෙන්නට විය.
ඔහු සෙමින් දෑස් හැරියේය.